ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ 1988 දී සබරගමුව පළාත් සභාව පිහිටුවීමත් සමඟ, කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, ගොවිජන සේවා සහ සත්ව නිෂ්පාදන පිළිබඳ පළාත් සභාවේ පරිපාලනය, කළමනාකරණය සහ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා මෙම අමාත්‍යාංශය පිහිටුවන ලදී.
මෙම අමාත්‍යාංශයට අයත් විෂයයන් සබරගමුව පළාත් සභාවේ සිව්වන වාරය දක්වා අමාත්‍යාංශ විෂය ක්ෂේත්‍ර සමඟ සම්බන්ධ වූ අතර පස්වන වාරයේදී එය ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ සත්ව සෞඛ්‍ය සහ ධීවර අමාත්‍යාංශය ලෙස 2012 දී පිහිටුවන ලදී.
කෘෂිකාර්මික ප්‍රබෝධයක් තුළින් ආහාර සුරක්ෂිතතාව සහිත ස්වයංපෝෂිත පළාතක් බිහිකිරීමට අපේක්ෂාවෙන් සිටින නිලධාරීන් 36 දෙනෙකුගෙන් සමස්ත කාර්ය මණ්ඩලය සමන්විත වේ.
සංවර්ධන වැඩසටහන් සඳහා අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති ව්‍යාපෘති ප්‍රමුඛතාවය අනුව වෙන් කිරීම, එම ව්‍යාපෘති අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සහ රාජ්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කිරීම, කෘෂිකර්මය සහ ඊට අදාළ විෂයයන් ආදිය පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික සම්බන්ධීකරණය තුළින් කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකර්මයක් ගොඩනැගීමේ ආදී ප්‍රමුඛතාවයේ භූමිකාවන් ගණනාවක් ඉටු කරයි.
අමාත්‍යාංශය යටතේ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් සත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති අතර මෙම විෂයයන් සඳහා ලැබෙන ප්‍රතිපාදන සංවර්ධන කටයුතු සඳහා අමාත්‍යාංශය විසින් අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබේ.
ආයතනයේ ප්‍රධාන අංශ
පරිපාලන අංශයසංවර්ධන අංශයගිණුම් අංශය
ගරු. වයි.ජී.පද්මසිරි මහතා 1999.05 සිට 2004.09 දක්වා (3 වැනි පළාත් සභා මැතිවරණය)
ගරු. ටී.රංජිත් ද සොයිසා මහතා 2004. 09 සිට 2008.06 දක්වා (4 වැනි පළාත් සභා මැතිවරණය)
ගරු. ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා 2008.09 සිට 2012.06 දක්වා (5 වැනි පළාත් සභා මැතිවරණය)2012.09 සිට 2017.09 දක්වා (6 වැනි පළාත් සභා මැතිවරණය)