පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික නවෝත්පාදන සහ සංවර්ධනයේ හදවත සොයා ගන්න. ග්‍රාමීය සමෘද්ධියේ භාරකරුවන් ලෙස, තිරසාර ගොවිතැන් පිළිවෙත් පෝෂණය කිරීමට, ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට සහ ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීමට අපි කැපවී සිටිමු. බෝග කළමනාකරණය, පශු සම්පත් නිෂ්පාදනය, කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සහ පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ මුල පිරීම් ගවේෂණය කරන්න. අනාගත පරම්පරාවන්ට සෞභාග්‍යමත් අනාගතයක් සහතික කරමින් මිනිසුන් සහ පෘථිවිය යන දෙකම පෝෂණය කරන ඔරොත්තු දෙන කෘෂිකාර්මික අංශයක් වගා කිරීමට අප හා එක්වන්න.
සබරගමුව පළාතේ ආහාර සම්බන්ධ කෘෂිකාර්මික සංවර්ධනය සදහා 1989 වර්ෂයේ පළාත් සභා පිහිටුවීමත් සමග මෙම දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. රත්නපුර හා කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකේ නියෝජ්‍ය කෘෂිකර්ම අධයක්ෂ කාර්යාල දෙක මගින් , සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාප 07 ක් යටතේ කෘෂිකර්ම උපදේශක කාර්යාල 45 ක් ක්‍රියාත්මක වේ. . මෙම කෘෂිකර්ම උපදේශක කාර්යාලවල ව්‍යාප්ති නිලධාරීන් ඒ ඒ කාර්යාල බල ප්‍රදේශ වල වගා කටයුතු පිළිබදව ගොවීන් සමග සමීපව කටයුතු කර පළාතේ ආහාර සුරක්ෂිතතාවය හා ගොවීන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සදහා නිරන්තරයෙන් ක්‍රියාකරයි.
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයක් හා දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුනු ම්‍යස්ථාන දෙකක් පළාත තුල ඇත.. Tපටක රෝපණ විද්‍යාගාර දෙක මගින් පටක රෝපිත පලතුරු පැල නිෂ්පාදනය කරන අතර මධ්‍යම පැල තවාන මගින් හා දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන දෙක මගින් උසස් තත්වයේ පලතුරු පැල නිෂ්පාදනය කරයි. බිම්මල් බීජ මධ්‍යස්ථානය මගින් පළාතට අවශ්‍ය බිම්මල් බීජ නිෂ්පාදනය කරන අතර පාංශ රසායනාගාර මගින් පස් සාම්පල් පරික්ෂා කර වාර්තා ලබාදීම සිදුකරයි. අක්කර 33 ක වපසරියකින් යුක්ක මාරුක්වතුර ගොවිපල සරුසාර පොල් වගාවකින් සමන්විත වේ.
සබරගමුව පළාත සැලකූ විට විවිධ කෘෂි පාරිසරික ලක්ෂණ වලින් සමන්විත වේ.වාර්ෂික වර්ෂාපතනය මි. මී. 2500 සිට මි.මී. 3360 වන අතර උෂ්නත්වය සෙල්සියස් අංශක 9 සිට 33 ක පරාසයක් ගනී. වාර්ෂික වර්ෂාපතනය අනුව වියලි, අතරමැදි සහ තෙත් යන කලාපයන්ට අයත්වන අතර උච්චත්වය අනුව පහතරට, මැදරට සහ උඩරට යන සියළු කලාපයන් ගෙන් සමන්විතය. ප්‍රධාන වශයෙන් රතු කහ පොඩ්සොලික් පස සහ රතු දුඹුරු ලැටසොලික් පස් කාංණ්ඩයන්ගෙන් සමන්විත වේ.
පළාතේ ඉඩම් පරිහරණ රටාව සැලකූවිට පළාතේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 496,800 කි. මෙම ඉඩම් ප්‍රමාණයෙන් වැඩි භූමි ප්‍රමාණයක් වැවිලි සහ කෘෂිකාර්මික ඉඩම් වේ. ප්‍රධාන කාෂිකාර්මික බෝග වල වගා වපසරිය සැලකූ විට අස්වද්දන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 36,970 ක් වේ. එළවලු වගා වපසරිය හෙක් 5733 ක් පමණ සහ පලතුරු වගා වපසරිය හෙක් 7624 පමණද වේ. අතිරේක ආහාර බෝග සහ වෙනත් හෙක්ටයාර 3441 ක් පමණ වේ. මහාවාරි, සුළුවාරි සහ වර්ෂා පෝෂිත යටතේ වී වගාවන් සිදුකරන ලබයි.
කෘෂිකාර්මික තොරතුරු රැස්කිරීම.
අපගේ කෘෂිකාර්මික පුහුණු සහ පර්යේෂණ මධ්‍යස්ථාන, නවෝත්පාදන, අධ්‍යාපනය සහ තිරසාර භාවිතයන් සඳහා කැප වූ ගොවිපලවල් ගවේෂණය කරන්න. කෘෂිකාර්මික ඵලදායිතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරගත් ඉගෙනුම් අත්දැකීම්, අති නවීන පර්යේෂණ මුලපිරීම් සහ ප්‍රායෝගික විසඳුම් සොයා ගන්න. කෘෂිකාර්මික නායකයින්ගේ අනාගත පරපුර වගා කිරීමට සහ ගොවිතැනේ අනාගතය හැඩගස්වා ගැනීමට අප හා එක්වන්න.
* ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක හමුවන්න.
* නැතිනම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 070 6100404 අමතා සහය ලබා ගන්න.
*පහත සදහන් පුහුණු ආයතන සම්බන්ධ කරගන්න
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - කරපිංච , කුරුවිට 045 2264545
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - වාගොල්ල , රඹුක්කන 035 2265269
සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - ගොඩකුඹුර, රජවක, බලන්ගොඩ 077 8002913
* නැතිනම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 070 6100404 අමතා සහය ලබා ගන්න.
* ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක හමුවන්න.
* නැතිනම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 070 6100404 අමතා සහය ලබා ගන්න.
* ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරි හමුවන්න.
* තාක්ෂණික ගැටළු සඳහා, කරුණාකර දේශීය කෘෂිකාර්මික සේවා මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික උපදේශක අමතන්න
* සේවා පිළිබද ගැටළු සදහා ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරි හමුවන්න