උඳුගොඩ සත්ව පාලන හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය

හැඳින්වීම

සබරගමු පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සත්ව පාලනය පිළිබද නේවාසික පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය පුහුණු මධ්‍යස්ථානයකින් හා ආදර්ශ සත්ව ගොවිපලකින් සමන්විත වේ

ඉතිහාසය

මෙම මධ්‍යස්ථානය 1948 දී දිවංගත අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව සත්ව ගොවිපලක් ලෙස ආරම්භ විය ඉන් වසර 30කට පසු 1978 ජර්මන් සාගිනි නිවීමේ ව්‍යාපාරයේ අධාර අනුග්‍රහය යටතේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලදී 1982 වසරේ මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මේ දක්වා සබරගමු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පාලන කටයුතු සිදු කෙරේ

පුහුණු මධ්‍යස්ථානයේ මූලික සේවාවන්

පුහුණු වැඩසටහන් පැවැත්වීම

සත්ව නිෂ්පාදන

සතුන් නිකුත් කිරීම

රෝපණ ද්‍රව්‍ය නිකුත් කිරීම

ප්‍රජා සේවාවන්

ගොවි පුහුණු

අරමුණු

තමන් අයදුම් කිරීමට කැමති පළාතේ සත්ව පාලනයේ යෙදී සිටින සත්ව පාලකයින්ට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා දීම.

පාසල් පුහුණු

අරමුණු

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයට අනුව සත්ව පාලනයට අදාළ න්‍යායාත්මක දැනුම ලබාදීම.